සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

චාමික කරුණාරත්නට එරෙහිව පීතෘත්ව නඩුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගුවන් සේවිකාවක විසින් පීතෘත්ව නඩුවක් කොළඹ අතිරෙක මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇත. එහිදී ඇය ඉල්ලීමක් කර ඇත්තේ තම දරුවාගේ පියා ලෙස කරුණාරත්නගේ නම උප්පැන්න සහතිකයේ ඇතුළත් කිරීමට සහ ඩීඑන්ඒ පරීක්ෂණයකට ඔහුව යොමු කරන ලෙසයි.

නඩුව ඊයේ (21) කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාරිය අධිකරණයේ පෙනී සිටියද, කරුණාරත්න අසනීප බව පවසමින් නොපැමිණි අතර, ඔහු වෙනුවෙන් නීතිඥවරයා එම තොරතුර අධිකරණයට ලබා දුනි. මහේස්ත්‍රාත්වරයා නඩුව නැවත දෙසැම්බර් 8 වන දිනට කැඳවීමට නියම කළේය.

පැමිණිලිකාරිය සඳහන් කළේ තමන් හා කරුණාරත්න අතර විවාහ බලාපොරොත්තුවක් මත සබඳතාවක් තිබූ අතර තමාට මාස දෙකක් වයසැති දරුවෙකු පසුගිය දිනවල පෙම් සබඳතාවයෙන් ලැබුණු බවයි. නමුත් කරුණාරත්න විවාහ පොරොන්දුව ඉටු නොකර තමා හා දරුවා අතහැර ගොස් ඇති බව ඇය චෝදනා කළාය.

ඇය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ

  • දරුවාගේ පීතෘත්වය තහවුරු කිරීමට ඩීඑන්ඒ පරීක්ෂණ නියෝගයක්

  • කරුණාරත්න විවාහයට එකඟ නොවේ නම් මාසික රු. 100,000 නඩත්තු දීමනාවක්

මාධ්‍ය වෙත ප්‍රකාශ කළ ඇය කියාසිටියේ, “චාමික කරුණාරත්න තමයි මේ බබාගේ තාත්තා. ඔහු වගකීම් අතහැර ගිය නිසාම මට අධිකරණයට යාමට සිදු වුණා” යනුවෙනි.

චාමික කරුණාරත්න පෙරදැරිවද ක්‍රිකට් පිටියෙන් පිටත විවාදාත්මක සිදුවීම් කිහිපයකට සම්බන්ධ වී ඇති අතර, 2022 LPL තරඟාවලිය අතරතුර කාන්තාවකට පහර දුනි යන චෝදනාවෙන් ඔහුට තාවකාලික ක්‍රිකට් තහනමක්ද ලැබී තිබුණි.

Tags