සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වසර 18කට පසුව පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට හඹා ආ සිදුවීම මොකක් ද​?

2004 – 2006 වකවාණුවේදී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාව සිටි මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා 2006 වසරේ දෙසැම්බර් 15වන දින අතුරුදන්ව තිබුණා. අදාළ දිනයේදී කොළඹ 07 විද්‍යා මන්දිරයේ පැවති සමුළුවකට සහභාගී වීමෙන් අනතුරුව මහාචාර්යවරයා නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ඒ සම්බන්ධයෙන් දෙහිවල පොලීසියට මෙන්ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන ගණනාවකට පැමිණිලි කර තිබුණා. CIDය මේ සම්බන්ධයෙන් 2006දී ආරම්භ කල විමර්ශණවලදී අනාවරණය වන ආකාරයට මහාචාර්යවරයාව කිසියම් පාර්ශවයක් විසින් පැහැර ගැනීමකට ලක්කර තිබෙනවා.

ඒ අනුව එතුමා අතුරුදන් වී වසර් 18කට පසුව එම සිදුවීමට සැකපිට හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් (ඊයේ) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පක්‍ෂ කාර්යාලයේ සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුව ඊයේ රාත්‍රියේදීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආ අතර​, මේ වන විටත් පිල්ලෙයාන්ගෙන් නිලධාරීන් ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවටයි වාර්තා වන්නේ. එමෙන්ම පිල්ලෙයාන්ගේ අත්අඩංගුවට ගැනීම සැලවීමත් සමග මඩකලපුවේ වීදිවල රතිඤඤා දල්වන ආකාරයද පටිගත වී තිබෙනවා.

1990 සිට දෙමළ ඊලාම් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ පිල්ලෙයාන් 2004දී එයින් ඉවත්වුණා. අනතුරුව 2008 – 2012 කාලසීමාවේදී නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ද පිල්ලෙයාන් කටයුතු කරනු ලැබුවා.

Tags