සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

යෝජිත ජිනීවා මානව හිමිකම් වාර්තාවට ලංකාවෙන් පිළිතුරු

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 60 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීම සඳහා ගොනුකර ඇති මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවට ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පිළිතුරු ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා දූත මණ්ඩලය මෙහිදී පෙන්වා දී ඇත්තේ අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට පදනම් වූ මානව හිමිකම් මණ්ඩලය සම්මත කළ 57/1 දරන යෝජනාව ශ්‍රී ලංකාව විසින් පිළිනොගත් එකක් බවයි.

තවද ඒ යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වගවීම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකා අඛණ්ඩව විරුද්ධත්වය පළකරන බවද මෙමඟින් සනාථ කර තිබෙනවා.

විශේෂයෙන් දේශීය සංහිදියා ක්‍රියාවලියට එවැනි බාහිර ව්‍යාපෘතීන් අගතිදායක වන බව ශ්‍රී ලංකා පෙන්වා දී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාව සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය සහ එහි නිත්‍ය මානව හිමිකම් යාන්ත්‍රණයක් සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවයි.

මේ හේතුවෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳව අවසන් වාර්තාව නිවැරදි සහ සමබර අයුරින් ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රී ලංකා දූත මණ්ඩලය ඉල්ලා තිබෙනවා.

මෙහිදී මෙරට මානව හිමිකම් තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ලක් රජය ගෙන ඇති පියවර මෙන්ම විශේෂයෙන් නිවැරදි විය යුතු කරුණු ද ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ඉදිරිපත් කර ඇති බව සඳහන්.