දේශීය පුවත්
මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට සමුදෙයි
අයහපත් දේ වළක්වා ගැනීමට පොර බැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ධුරයෙන් විශ්‍රාම යාම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවය අද (18) අමතමින්.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් සපයා ඇති බවද ඒ මහතා මෙහිදී කියා සිටියා.
පසුගිය සමයේ ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ පරිවර්තනීය යුගයේ දී ඉතා සුමට ලෙස මෙරට ආර්ථිකය හසුරවමින් රටට ආර්ථික ජයග්‍රහණ අත්කර දීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලබාදුන් සුවිශේෂී දායකත්වය සහ කැපවීම අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය කෘතඥතාව ද පිරිනැමුවා.
