දේශීය පුවත්
බස් රථවල සැරසිලිවලට අවසර ලබාදී තිබූ චක්‍රලේඛය අවලංගු කරයි
බස් රථ අලංකරණය හා උපාංග සවි කිරීමට අදාළව නෛතිකව ප්‍රතිපාදන තුළ අවසර ලබාදෙමින් නිකුත් කරන තිබූ චක්‍රලේඛය අවලංගු කර තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසන්නේ 2023 වසරේ ජුනි මස 2 වනදා නිකුත් කරන ලද අදාළ චක්‍රලේඛය මේ මස 09 වනදා දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි.
බස් රථ අලංකරණය සඳහා අවසර ලබාදෙන ලෙස විවිධ පාර්ශව වලින් ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බස් රථවල සැරසිලි හා උපාංග සවි කිරීමට අදාළව කොන්දේසි කිහිපයකට යටත්ව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබුණා.



