සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් රටින් ගෙන්වයි.

මේ වන විට පවතින නාඩු සහල් හිගයට පිළියමක් ලෙස කඩිනමින් නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
 
සහල් ආනයනකරුවන් සහ සතොස නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර​, දෙසැම්බර් මාසය අවසන් වීමට ප්‍රථම අදාළ සහල් තොගය ආනයනය කිරීම සඳහා සැලසුම් කර තිබෙනවා.
 
සතොස ආයතනය හරහා මෙම සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වනවා.
Tags