සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රෝහිතගේ බෑනා රිමාන්ඩ් – ජගත්ගේ පුතාට ඇප

අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා ලබන අගෝස්තු 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ව්‍යාජ දත්ත ඇතුළත් කර ලියාපදිංචි කරන ලද ජීප් රථ ගණුදෙනුවකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු (ඊයේ 24) මතුගම අධිකරණය වෙත භාර වුණා.

මේ අතර මෙම ජීප් රථ ගණුදෙනුවට අදාළවම අත්අඩංගුවට ගෙන සිටි සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

Tags