සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කරන ලද “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

මේ අනුව කථානායකවරයා දැනුම් දුන්නේ මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිඳු විධිවිධානයකට අනනුකූල නොවන බවත් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බවයි.

තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තියේ සඳහන් අනිවාර්ය විධිවිධානවලට අනුකූලව අධිකරණ බලය අයැදීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කර ඇති අංක SC/SD/29/2025 දරන පෙත්සම ප්‍රතික්ෂේප කර ඇති බවද කථානායකවරයා වැඩිදුරටත් නිවේදනය කළා.

Tags