සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සමන් ඒකනායකට අද CIDයට නොපැමිණෙන ලෙස දැනුම් දෙයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හමුවේ පෙනී සිටිය යුතු නොමැති එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කළේ ඒ මහතාට අද (01) දිනයේ පෙනී නොසිටින ලෙස දැනුම් දුන් බවයි.

හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදු කරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට අද (01) පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණා.

සිද්ධියට අදාළව මීට පෙර ද ඒ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

Tags