සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන අධිකරණය ගත් තීරණය

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වනදා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.

ඊට අදාළ නඩුකරය අද (04) කැඳවූ අවස්ථාවේ දී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

නමුත් එම නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා අද (04) දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව නැවත ඔක්තෝබර් මස 29 වනදා කැඳවන ලෙස එම අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වනදා අතර කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනුකර තිබුණා.

Tags