දේශීය පුවත්
CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කර තිබෙනවා.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මෙම පත් කිරීම සිදුකර ඇති බව සඳහන්.
—————————————————————————————-
ශානි අබේසේකරගේ තනතුරුවල වෙනසක්? – 2025/06/28 10:01 am
ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වශයෙන් නැවතත් පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ නිර්දේශයට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවයි.
විශිෂ්ඨ රහස් පරීක්ෂකයෙකු ලෙස ප්‍රකට ශානි අබේසේකර මහතා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ඔහුගේ වැඩ තහනම් කර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
වැඩ තහනම් කාල සිමාව තුළම ඔහුගේ විශ්‍රාම වයස සම්පුර්ණ වූ අතර පසුව ඔහු ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ප්‍රධානියෙක් ලෙස මැතිවරණ කටයුතුවලට දායක වුණා.
ජාතික ජන බලවේගයේ රජය බලයට පැමිණීමෙන් පසුව ඔහුව පළමුව කොන්ත්‍රාත් පදනම යටතේ පොලිස් සේවයටත් අනතුරුව සක්‍රීය පොලිස් සේවයටත් එක් කර ගැනීමට කටයුතු කෙරුණා.
ශානි අබේසේකර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා මේ වනවිට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටිනවා.
