සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් හා ආයතන සංශෝධනයක්

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවරගෙන ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ. පසුගියදා සිදු වූ කැබිනට් සංශෝධනයත් සමඟ මෙම විෂය පථ සංශෝධන සිදුවී ඇති බවද සඳහන්ය.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ පැවති පුනරුත්ථාපන කාර්යංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට පවරා ඇත.
තවත් සංශෝධනයක් ලෙස, ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සංස්ථාව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයට යොමු කර ඇත.
එසේම සැලසිනේ මීඩියා සොලියුෂන්ස් (පි.එල්.) සමාගම බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයට පත්කර ඇත.
භූ විද්‍යා, සමීක්ෂණ හා පතල් කාර්යංශය පරිසර අමාත්‍යංශයෙන් කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයට, සහ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂි කර්ම අමාත්‍යංශයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයට මාරු කර ඇත.
එසේම ලංකා විදුලිබල සමාගම “ලංකා විදුලි (පි.එල්.) සමාගම” ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු ගෙන ඇති අතර, විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ නව ආයතන 4ක් ද මෙම ගැසට් මඟින් නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම නව ගැසට් පත්‍රය මගින්, පසුගිය කැබිනට් සංශෝධනයේදී හඳුන්වාදුන් අමාත්‍යංශවල විෂය පථයන්ද නිශ්චිතව ප්‍රකාශයට පත් කර තිබේ.

Tags