සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සයිනොපෙක් තෙල් පිරිපහදුවේ කටයුතු ප්‍රමාද වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජනයක් වන ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක සයිනොපෙක් තෙල් පිරිපහදුව පිළිබඳ අවබෝධතා ගිවිසුම මාස නවයකට ආසන්න කාලයක් තුළ අත්සන් වුවද, ඉදිකිරීම් කටයුතු මෙතෙක් සැලකිය යුතු ප්‍රගතියක් නොලැබී ඇත.

ප්‍රමාදයට ප්‍රධාන හේතුව වන්නේ බදු නිදහස් කිරීම සහ නිෂ්පාදිත ඉන්ධන දේශීය වෙළඳපොළට නිකුත් කිරීමේ ප්‍රතිශතය පිළිබඳ දෙපාර්ශ්වය අතර එකඟතාවක් නොමැති වීමයි. මුලදී රජය සහ සයිනොපෙක් සමාගම අතර, නිෂ්පාදිත ඉන්ධනවලින් සියයට 20ක ප්‍රමාණයක් දේශීයව අලෙවි කිරීමට එකඟතාවයක් තිබුණා. නමුත් සමාගම පසුව එය සියයට 40 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර, අවසන් තීරණයකට තවමත් එළඹ නැත.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, රජය මෙම වසර තුළම පිරිපහදුවේ ඉදිකිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙම ව්‍යාපෘතිය 2023 වසරේදී කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන ඇති අතර, දෛනික ධාරිතාවය බොරතෙල් බැරල් ලක්ෂ දෙකකි.

Tags