සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජනපතිට අපහාස කිරීම පිළිබඳව තිස්ස කුට්ටිආරච්චි අධිකරණය හමුවේ කණගාටුව පළ කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධව තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ දැනුම් දුන්නා.

තමාට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අය කරන දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක විසින් ගොනු කර තිබූ නඩුව අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි තිස්ස කුට්ටිආරච්චි මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම දැනුම් දීම සිදුකර තිබෙනවා.

ඉන්පසු එම නඩුව දෙපාර්ශ්වයේ එකඟත්වය ඇතිව සමථයකට පත් කෙරුණා.

Tags