සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

හරක් කටා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ 06 දෙනෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු ලෙසින් ද හඳුන්වනු ලබන නඳුන් චින්තක වික්රමරත්න නොහොත් හරක් කටා සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් 06 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සමග දුරකථන මගින් සබඳතා පැවැත්වූ බවට සැකපිට වැලිගම​, දික්වැල්ල සහ අතුරුගිරිය යන ප්රදේශවල පදිංචිකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන විට නඳුන් චින්තක රඳවා තබාගෙන සිටින අතර​, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබනවා.

 

Tags