දේශීය පුවත්
“කොටුවෙන්න එපා, වටවෙන්න” වෙළඳ දැන්වීමට සමාජ මාධ්‍යයේ විරෝධය
වටවල තේ සන්නාමය විසින් නිකුත් කළ ‘Him, Her and Them’ වෙළඳ දැන්වීම, දරුවන් සහ දෙමාපියන් අතර සම්බන්ධතාවය මූලික කරගනිමින් සමාජ මාධ්‍ය තුළ විශාල විවාදයකට ලක්වී තිබේ.
මෙම දැන්වීමේ අරමුණ, දරුවාගේ සැබෑ ස්වරූපය සහ විවිධත්වය පිළිගැනීමේ වැදගත්කම අවධාරණය කිරීමයි. න්මුත්, විරෝධතාව පළ කරන පාර්ශ්වය පෙන්වා දෙන්නේ, මෙමෙ දැන්වීමට LGBTQ සංකල්ප ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇති අතර, කුඩා දරුවන් යොදාගෙන ලිංගික දිශානතිය පිළිබඳ සාකච්ඡාවකට යොමු වීම ළමා අපචාරයක් සහ රටේ නීතියට විරෝධී ක්‍රියාවක් බවයි.
සමාජ මාධ්‍ය විචාරකයින් තවත් චෝදනා කරනවා වන්නේ මෙය අසාර්ථක අලෙවිකරණ උපක්‍රමයක් විය හැකි බවත්, Bud Light සහ Jaguar වැනි ලෝක සන්නාමයන්ගේ අත්දැකීම් මත පාරිභෝගික පදනම අහිමි වීමේ අවදානමක් මතුවිය හැකි බවත් ය.
එක්පාර්ශ්වයක් පෙන්වන්නේ, මෙම දැන්වීම වැදගත් සමාජ සංවාදයක් ආරම්භ කර ඇති බවයි. දරුවන්ගේ පුද්ගල විවිධත්වයට ඉඩ දීම, සම්මත පිරිමි – ගැහැණු රූපයෙන් වෙනස් වීම, සහ සමාජය තවමත් එවැනි විවිධත්වය පිළිගැනීමට සූදානම් නැති බව අවධාරණය කිරීමට මෙම දැන්වීම උත්සාහ කරයි.
වටවල සන්නාමය පවසන්නේ, මෙය හුදෙක් තේ නිෂ්පාදනයක් විකිණීමට නොව, තම සන්නාමය සමාජ වටිනාකමක් සහ දියුණු චින්තනයක් සමඟ සම්බන්ධ කිරීමට උත්සාහයක් බවයි. විවේචන පිළිබඳව සලකා සමාගම සිය සමාජ මාධ්‍ය ඇතුළු සියලු වේදිකා වලින් දැන්වීම ඉවත් කර ඇත. මෙම දැන්වීම, වාණිජමය සහ සමාජමය අදහස් දෙකම සලකා බැලීමේ අවස්ථාවක් ලෙස සලකිය හැක.
