සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අධික වැසි හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි

අධික වැසි හේතුවෙන් දිවයිනේ ජලාශ කිහිපයක වාන් දොරටු අද (19) විවෘත කර ඇති බව වාර්තා වේ.

පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කර, තත්පරයකට ඝන අඩි 5,190ක ජල ප්‍රවාහයක් වික්ටෝරියා ජලාශයට මුදාහැරිමින් පවතී. කලා වැවේ වාන් දොරටු 02ක් විවෘත කර, තත්පරයට ඝන අඩි 3,447ක ජල ප්‍රවාහයක් කලා ඔයට පිට කරනු ලබයි. එමගින් දඹුලු ඔය ඇතුළු ඉහළ ජල ප්‍රදේශවලින් තත්පරයට ඝන අඩි 4,545ක් ජලය ලැබෙමින් පවති.

එමෙන්ම රාජාංගනය ජලාශයේ වාන් දොරටු හයක් සහ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තත්පරයට විශාල ජල ප්‍රමාණයක් පිට කරමින් ඇත.

වාරිමාර්ග ඉංජිනේරුවන් පවසන්නේ, මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අධික වැසි හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර තත්ත්ව පාලනයට මෙම පියවර ගත් බවයි.

Tags