දේශීය පුවත්
2026 අයවැයෙන් විශ්‍රාමිකයින්ට අතිරේක සහන
2025 අයවැය තුළ විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීම් ලබා නොදුන් බවත්, එම පිරිසට 2026 අයවැය මඟින් විශේෂ ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව පැවසූයේ “සවිමත්, සුවපත්, දිරිමත් දිවියක්” යන තේමාව යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජාතික විශ්‍රාමික දිනය – 2025 උත්සවයට සහභාගී වීමේ අවස්ථාවේදීය.
අමාත්‍ය අබයරත්න මහතා පැවසුවේ,
“ලක්ෂ 7කට වැඩි විශ්‍රාමික ජනතාවක් රටේ සිටිනවා. ඔවුන්ගේ ගැටලු අපි හොඳින් දන්නවා. විශ්‍රාමික සංවිධාන හා සාකච්ඡා කරමින්, ඔවුන්ට අවශ්‍ය සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා,”
යනුවෙනි.
මෙම උත්සවයේ ඇතුළත් වූයේ දේශීය හා බටහිර වෛද්‍ය කඳවුරු, සෞඛ්‍ය දේශන, ප්‍රවීණ කලාකරුවන්ගේ විශේෂ ඉදිරිපත් කිරීම්, සහ රසවින්දන වැඩසටහන් වැනි අංග රැසක්ය.
උත්සවයට අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි, ප්‍රවීණ කලාකරුවන් සහ විශ්‍රාමික රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් සහභාගී විය.
