සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති ඊයේ (31) පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

හරාරේ ක්‍රීඩාංගණයේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා.

එහිදී සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් පමණක් බිඳ වැටී ලකුණු 277ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දුවට පහර දීමේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Ben Curran ලකුණු 79ක් සහ Sikandar Raza නොදැවී ලකුණු 59ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 3ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 278ක ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3කදී කඩුලු 5ක් දැවී ලකුණු 278ක් රැස් කරමින් තරඟයේ ජයග්‍රාහී ඉලක්කය හඹා ගියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු 136 කදී ලකුණු 122ක් රැස් කළ පැතුම් නිස්සංක තරඟයේ මෙන්ම තරඟාවලියේ වීරයා සම්මානය ද හිමි කරගනු ලැබුවා.

චරිත් අසලංක ලකුණු 71ක් ද සදීර සමරවික්‍රම ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුණා.

මේ අනුව එක්දින තරඟාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Tags