සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නේපාලය වෙත ශ්‍රීලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

නේපාලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් සුරක්ෂිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ ගොඩබිම් මාර්ගය ඔස්සේ ඉන්දියාවේ සිට නේපාලයේ ලුම්බිණි බලා ගිය ලාංකික වන්දනාකරුවන් 73 දෙනෙක් ඉවත් කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

පද්ධති දෝෂයක් පැවතුන ද ඒ සඳහා නේපාල සංක්‍රමණික බලධාරීන් සමඟ සම්බන්ධීකරණ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර නේපාලය වෙත සිදු කෙරෙන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ නේපාලය තුළ මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අතර නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට එළිමහනේ නොගොස් ගෘහස්ථව සිටිමින් ආරක්ෂාව සලසා ගන්නා ලෙස විදේශ අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඊට අමතරව නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් පැය 24 පුරා සම්බන්ධ කර ගැනීම සඳහා එමඟින් දුරකථන අංකයක් ද ලබාදී තිබෙනවා.

එම දුරකථන අංකය වන්නේ 00977 – 9851048653

Tags