සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පිළියන්දලේදී හෙරොයින් කිලෝග්‍රෑම් 2ක තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට අධික තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මොරටුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ, සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 106ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 478ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිතා කළ යතුරුපැදියක් ද සොයාගත් බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස් රටක සැගව සිටින ප්‍රසිද්ධ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “කළුබෝවිල අවිශ්ක”ගේ ප්‍රධාන සහායකයෙකු ලෙස හැඳින්වෙන “කළුබෝවිල චූටි” නම් පුද්ගලයෙකු සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා ය.

මෙම සැකකරුවන් 24 සහ 25 හැවිරිදිව පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.

පොලිස් මූලාශ්‍ර අනුව, මෙම වැටලීම මගින් විශාල මත්ද්‍රව්‍ය ජාලයක් හෙළිවීමේ ඉඩක් ඇතැයි අපේක්ෂා කරයි.

Tags