දේශීය පුවත්
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ටර්ක්මෙනිස්ථානය පරාජය කරයි
2027 ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ පාපන්දු තරගාවලිය යටතේ ටර්ක්මෙනිස්ථානය සමග පැවැති තරගයෙන් ගෝල 1-0 ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලබා ගත්තා.
පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට අවස්ථාව නොලැබුන නමුත්, දෙවන අර්ධයේදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට සමත්වුණා.
මෙම ජයග්‍රහණය ටර්ක්මෙනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ පළමු පාපන්දු ජයග්‍රහණය ලෙසයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 197 වන ස්ථානයේ පසුවන අතර, ටර්ක්මෙනිස්ථානය 138 වන ස්ථානයේ රැඳී සිටිනවා.
