සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

යාල්දේවී දුම්රිය ඔක්තෝම්බර් 07 සිට ප්‍රමාද වී ධාවනය කිරීම ගැන දැනුම්දීමක්

කොළඹ, ඔක්තෝබර් 2, 2025 – උතුරු දුම්රිය මාර්ගයේ වව්නියාව සිට ඕමන්ත දක්වා වන කොටසෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදුකිරීම හේතුවෙන්, කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර ධාවනය වන යාල්දේවී ශිඝ්‍රගාමී දුම්රිය සේවාව 2025 ඔක්තෝබර් 07 සිට 18 දක්වා කාලසීමාවේදී ප්‍රමාදව ධාවනය වීමට නියමිත බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැන්වීය.

ඒ අනුව, කොළඹ කොටුවේ සිට පිටත් වන යාල්දේවී දුම්රිය පෙ.ව. 6.40 ට සාමාන්‍ය පරිදි ගමන ආරම්භ කරන අතර, වව්නියාවට පෙ.ව. 11.35 ට ළඟාවනු ඇත. මෙලෙස වව්නියාව දක්වා නියමිත පරිදි ධාවනය වූ පසු, එම ස්ථානයේදී පැය 2යි මිනිත්තු 40ක කාලයක් නවතා තැබීමට නියමිත අතර, ප.ව. 2.15 ට නැවත කන්කසන්තුරය බලා ගමන් ආරම්භ කරන බව සඳහන් වේ.

එසේම, කන්කසන්තුරයෙන් කොළඹ කොටුව බලා ධාවනය වන යාල්දේවී දුම්රියද මිනිත්තු 30ක ප්‍රමාදයකින් පසුව, පෙ.ව. 11.00 ට පිටත් වීමට නියමිතය.

දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම නඩත්තු කටයුතු මාර්ගයේ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන අතර, එය මගින් ජනතාවට ඇතිවන අපහසුතාවයන් සම්බන්ධයෙන් කණගාටුවද ප්‍රකාශ කරයි.

Tags