දේශීය පුවත්
හෙන්ලි දර්ශකය අනුව ශ්‍රී ලංකා ගමන්බලපත්‍රය 98 වන ස්ථානයට
හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකා ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් 98 වන ස්ථානයට පත්ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ට රටවල් 41කට පමණක් වීසා රහිතව ගමන් කළ හැකි බව දර්ශකය සඳහන් කරයි. මීට පෙර සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ සිටි අතර 2024 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාව 91 වන ස්ථානයේ විය, නමුත් එම තත්ත්වය පසුකාලීනව පහළට ගමන් කර තිබේ.
ලොව බලවත්ම ගමන්බලපත්‍රය ලෙස සිංගප්පූරුව තවමත් ඉහළම ස්ථානයේ පවතින අතර, එමගින් රටවල් 193කට වීසා රහිතව ගමන් කළ හැකිය. දකුණු කොරියාව සහ ජපානය දෙවන හා තෙවන ස්ථානවලට පත්ව ඇති අතර, ඉන්දියාව මේ වනවිට 85 වන ස්ථානයේ පවතින බව දර්ශකය තවදුරටත් සඳහන් කරයි. අසල්වැසි බංග්ලාදේශය 100 වන ස්ථානයේද පාකිස්තානය 103 වන ස්ථානයේද පවතින අතර, ලෝකයේ අවසන් ස්ථානය වන 106 වන ස්ථානයේ ඇෆ්ගනිස්තානය රැඳී සිටී.
