සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 135කට නඩු පැවරීමට පියවර

පසුගිය මාසයක පමණ කාලය තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී වෙළෙඳසැල් 135ක වෙළෙඳුන්ට එරෙහිව නඩු පැවරීම් සිදු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

සහල් වැඩි මිලට අලෙවි කරන සහ සඟවා තබා ගන්නා වෙළෙඳුන්ට එරෙහි වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

වැඩි මිලට සහල් අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් වැරදිකරු වුවහොත්, ඔහුට එරෙහිව නඩු පැවරීමේදී රුපියල් ලක්ෂයක සිට රුපියල් ලක්ෂ 05 දක්වා දඩ මුදලක් හෝ මාස 05ක සිර දඬුවමක් නියම කළ හැකි බවත්, නැතහොත් එම දඩ මුදල සහ සිර දඬුවම යන දෙකම නියම කිරීමටද හැකියාවක් ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරනවා.

පෞද්ගලික සමාගමක් වරදකරු වන්නේ නම්, රුපියල් ලක්ෂ 05 සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩ මුදලක් නියම කිරීමටත්, සහල් සඟවා තැබීම සම්බන්ධයෙන් වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඬුවම හෝ ඉහත දෙකම මෙන්ම අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමටද අධිකාරී පනත යටතේ හැකියාව පවතිනවා.

Tags