දේශීය පුවත්
සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි – කොළඹ පුරපතිනිය
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තමා පත්වීම සම්බන්ධ කිසිවිටෙකත් පෞද්ගලික නොගන්නා ලෙස කොළඹ පුරපතිනිය ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද (18) එක්වෙමින්.
මෙම ජයග්‍රහණය සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බවද එතුමිය මෙහිදී කියා සිටියා.
නගරාධිපතිනිය පැවසුවේ කොළඹ නගරයේ ඇති ගැටළු ජනතාව සහභාගී කර ගනිමින් විසඳීමට තමා බලාපොරොත්තු වන බවයි.
පුරවැසියන් එක හඬින් කියා සිටියේ “මේ පුරවරයත් වෙනස් කර දෙන්න යනුවෙනි” යැයි පැවසු නගරාධිපතිනිය මේ නගරය වෙනස් කිරීමේ වගකීම අප සතු වන බවද මෙහිදී මාධ්‍ය අමතමින් සඳහන් කළා.
ලංකාවේ ධනවත්ම නගරය කොළඹ වුවත් එහි අඳුරු පැතිකඩ මේ වන විට කොළඹ වෙලාගෙන ඇති බව පැවසු නගරාධිපතිනිය නගරයේ ජීවත් වන ජනතාවට ආලෝකයක් ලබාදීමට තමාට දැවැන්ත කාර්ය භාරයක් ඉටු කිරීමට ඇති බවයි.
