සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “මහාචාර්ය ඊ.ඕ.ඊ පෙරෙයිරා” රන් පදක්කම පිළිබඳ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි

2015 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයා සඳහා පිරිනමන “මහාචාර්ය ඊ.ඕ.ඊ පෙරෙයිරා” රන් පදක්කම එම විශ්වවිද්‍යාලයේ විද්‍යුත් අංශයේ උපදේශකයකු වන ඒ.එච්. ඒ.ඩී. අබේසේකර වෙත පිරිනැමීමට ගත් විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර ඇත. මොරටුව ප්‍රදේශයේ පදිංචි ඉංජිනේරු උපාධිධාරිණියක වූ කල්පනා මානවඩු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවන්ගේ මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශ කළේය.

විනිසුරු මඩුල්ල අවධාරණය කළේ, රන් පදක්කම පිරිනැමීමේදී විනිවිඳභාවයෙන් යුත් ලකුණු ලබාදීමේ නිසි ක්‍රමවේදයක් නොපිළිපැදීමෙන් පෙත්සම්කාරියට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබිය යුතු අයිතිය උල්ලංඝනය වී ඇති බවයි.

එම නිසා පාලනාධිකාරිය ගත් තීරණය අවලංගු කිරීමට නියෝග කර ඇති අතර, ඉදිරියේදී මෙවැනි පදක්කම් පිරිනැමීම සඳහා විධිමත් ලකුණු දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට විශ්වවිද්‍යාලයට නියෝග කර ඇත. නියමිත කාලසීමාව ඉක්මවා ගොස් ඇති බැවින් පදක්කම පෙත්සම්කාරියට ලබාදීමට නියෝග නොකිරීමටද අධිකරණය තීරණය කර ඇත.

Tags