සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නුගේගොඩ ගරාජයකින් සැකකටයුතු වෙඩි නොවදින බෙන්ස් රථයක් සොයා ගැනේ

නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ගරාජයකින් ජර්මනියේ නිෂ්පාදිත, වෙඩි නොවදින ‘බෙන්ස්’ වර්ගයේ මෝටර් රථයක් පසුගිය පෙරේදා (21) දින බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය සොයාගෙන ඇත.

2008 වසරේ මෙරටට ආනයනය කරන ලද මෙම රථය සොයාගන්නා විට අංක තහඩු රහිතව තිබූ අතර, ගරාජයේ සැකකටයුතු පුද්ගලයෙකු රැඳී සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය පරීක්ෂණ සිදු කළාය.

ගරාජ හිමිකරු පවසන්නේ, පසුගිය මැයි (23) වන දින රථය අලුත්වැඩියාවකට ගෙන ආ නමුත් එය ගෙන ආ පුද්ගලයාගේ අනන්‍යතාව ඔහු නොදන්නා බවයි. පරීක්ෂා මගින්, එය 2008 දී ඉන්දීය තානාපති කාර්යාලය මගින් මෙරටට ගෙන්වා ඇති බව තහවුරු වී ඇත.

මෙම රථය ප්‍රභූ පුද්ගලයකු භාවිත කළේද, නැතහොත් අපරාධ ක්‍රියාවක් සඳහා යොදාගෙන ඇත්තේද යන්න සොයා බැලීමට අංශ කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස ප්‍රදේශයේ 43 හැවිරිදි ගරාජ හිමියාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන, නුගේගොඩ අධිකරණයට වාර්තා කිරීමට නියමිතය.

Tags