සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

තුෂාර උපුල්දෙණියට ඇප

ජනාධිපති පොදු සමාවට මුවාවී අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවෙකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ අනුව සැකකරු රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුට දිවයිනේ බන්ධනාගාරවලට ඇතුළු වීමද තහනම් කෙරුණා.

මීට අමතරව විදේශ ගමන් තහනමක් ද පැනවූ අතර විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවද නියෝග කර ඇති බව සඳහන්.

Tags