දේශීය පුවත්
හිටපු ජනපතිට ඇප දීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධවෙයි
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වන විට කැඳවා තිබෙනවා.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නඩුකරය කැඳවා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර හිටපු ජනාධිපතිවරයාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.
නඩුකරය කැඳවූ අවස්ථාවේ දී අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා පෙනී සිටියා.
සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටින බව සඳහන්.
