සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව අද (12) නැවත රැස්වීමට නියමිතව තිබෙනවා.

කථානායක කාර්යාලය පැවසුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරු 1.30ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බවයි.

මෙහිදී නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධව වූ යෝජනාව සම්බන්ධව අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් පහ කිරීමත් සමඟ පොලිස්පති ධුරය පුරප්පාඩු වු අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා පත් කිරීමට අදාළ නමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අනුව අද (12) රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පොලිස්පතිවරයා පත් කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද සඳහන්.

Tags