සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

IMF දෙවැනියා ශ්‍රී ලංකාවේ සංචාරයක

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ජුනි මස 15 සහ 16 යන දෙදින තුළ මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ 2005 වසරෙන් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සේවය කරන පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකු මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන බැවින් එය ඉතා සුවිශේෂී සංචාරයක් බවයි.

ඇයගේ සංචාරයේ තුළදී මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම:ණය සහ පාලනය” මැයෙන් 2005 ජුනි මස 16 වනදා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස කළමනාකාර අධ්‍යක්ෂකවරිය සහභාගී වනු ඇති.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අර්ධය අවසන් වී ඇති මෙම අවස්ථාවේ දී පැවැත්වෙන මෙම සමුළුවේ දී සාර්ව ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීම ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලද අත්දැකීම් සහ ඉදිරි අභියෝග පිළිබඳ ව සාකච්ඡා කිරීමට නියමිතයි.

ඊට අමතරව මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පවතින සබඳතා සම්බන්ධ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සහ අනෙක් ප්‍රධාන කොටස්කරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද ඇය අපේක්ෂාවෙන් පසුවනවා.

Tags