දේශීය පුවත්
කොන්ත්‍රාත් සමාගම් රජයෙන් බිලියන 40ක වන්දියක් ඉල්ලයි
2022 අප්‍රේල් මස 12 වනදා ශ්‍රී ලංකාව බංකොලොත් බවට ප්‍රකාශයට පත් කිරීමත් සමඟ අත්හිටුවන ලද දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් එම කොන්ත්‍රාත් සමාගම් විසින් රුපියල් බිලියන 40ක වන්දියක් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඊට අදාළ ඉල්ලීම් මුදල් අමාත්‍යාංශය වෙත මේ වන විටත් යොමුකර ඇති බවයි.
මෙලෙස වන්දි ගෙවීමට සිදුව ඇත්තේ කොළඹ නුවර අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස ඉදිකිරීමේ ව්‍යාපෘතිය, කටුනායක ගුවන් තොටුපොළේ නව පර්යන්තයේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය සහ කොහුවල ගුවන් පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙනි.
ඊට අමතරව චීනයේ එම්.සී.සී සමාගම, ජපානයේ තායිසේ සමාගම සහ ශ්‍රී ලංකාවේ ඇක්සෙස් සමාගම යන ආයතන විසින් ඊට අදාළ වන්දි ඉල්ලා තිබෙනවා.
ඉන් අධිවේගී මාර්ගය ඉදිකළ චීන සමාගම එදා සිට අද දක්වා දිනකට ශ්‍රී ලංකා රුපියල් මිලියන 2 බැගින් වන්දි ඉල්ලා ඇති බවද සඳහන්.
මෙම වන්දි ගෙවීමේ මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමේදී දැරූ වියදම සඳහා අය කරන ණය පොලිය කලින් නියම කළ 2%ක මට්ටමේ සිට ඉහළ දැමීමට අවශ්‍ය බවද එම ආයතන රජයට දන්වා තිබීම හේතුවෙන් බරපතළ තත්ත්වයක් මතුව තිබෙනවා.
මේ අනුව එම ව්‍යාපෘතිය සඳහා ලබා ගන්නා ණය වෙනුවෙන් දරණ පොලී වියදම ද විශාල ලෙස ඉහළ යනු ඇති බව සඳහන්.
