දේශීය පුවත්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඉතිහාසය සහ සෞන්දර්ය අනිවාර්යයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයවල ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් සිටින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍ය තුමිය මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) බස්නාහිර පළාත්සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස ද ඇය මෙහිදී එල්ල සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය,
“නව අධ්‍යාපන ප්‍රතිසංසකරණය හරහා සෞන්දර්යය, ඉතිහාසය සහ වෘත්තීය විෂයක් හැදෑරීම අනිවාර්ය කර තිබෙනවා. නමුත් මේ ජාතික වැඩ පිළිවෙල පිළිබඳ නිසි අධ්‍යයනයක් කරන්නේ නැතිව සමහර පාර්ශව අසත්‍ය ප්‍රචාර කරමින් ඉන්නවා. ඉතිහාසය සහ සෞන්දර්යය විෂය ඉවත් කරලා කියලා.
මේ විෂයන් ගැන විෂයේ ප්‍රවීණයන් සමග දින ගනනාවක් සාකච්ඡා කරලා. සෑම දරුවෙක්ටම ඉතිහාසය හා මානුෂිය ගුණාංග වර්ධනය වන සෞන්දර්යය විෂය හදාරන්න අවස්ථාවක් ලැබෙන ලෙස මේ ප්‍රතිසංස්කරණය සිදු කරලා තිබෙන්නේ. අපි දේශපාලනය කරමු නමුත් අධ්‍යාපනය සහ දරුවන් ඒකට ගාව ගන්න එපා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව එකී විෂයන් හදාරන්නේ කොහොමද කියන එක අපි කියලා තියෙනවා. තමාගේ ක්ෂේත්‍රයට විතරක් කොටු නොවන ගුණාත්මක දරුවෙක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. අපි අවබෝධයෙන් මේ ප්‍රතිසංස්කරණය සිදු කරන්නේ.”
