සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජීවිත 15කට දිවි අහිමි වූ ඇල්ල බස් අනතුරේ අලුත්ම හෙළිදරව්ව

ඇල්ල වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය 2023 වසරේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් ඉවත් වූ බස් රථයක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ චාරිකා සඳහා පමණක් භාවිත කරන බස් රථ නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කර නොමැති බවයි.

එම මාර්ගයේ අනතුරු අවම කර ගැනීම සඳහා ගත හැකි සියලුම පියවර මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ගෙන තිබෙන බවද ඔහු සඳහන් කරනවා.

මේ අතර අනතුරට පත් බස් රථය පරික්ෂා කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබුණා.

ඊට අමතරව ප්‍රවාහන වෛද්‍ය සභාවේ සහ මාර්ග ආරක්ෂාව පිළිබඳව වැඩසටහනට අනුයුක්තව ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක්ද අද (06) දිනයේ අනතුරට පත් බස් රථය පරික්ෂා කිරීම සඳහා ඇල්ල ප්‍රදේශයට යන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියා.

ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථය එම මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරෙන් 15 දෙනෙකුට දිවි අහිමි වුණා.

Tags