සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

විපක්ෂයටත් ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනෙ නේ, අපිත් ඉතිං වචනයක් දෙකක් වරද්දලා දෙනවා – බිමල්

විපක්ෂය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

විපක්ෂය බලා සිටින්නේ, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ වචනයක් දෙකක් වරදින තුරු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එම නිසා ආණ්ඩුව විසින් ද වචනයක් දෙකක් වරද්දවා දෙන බවත්, එසේ නොවුනහොත් විපක්ෂයට ද ජීවත්වීමට ක්‍රමයක් නොමැති වන බවත් ඔහු පවසා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට මාධ්‍යයට යම් ප්‍රකාශයක් ලබාදීමට ඉඩකඩක් ලබාදිය යුතු බවත්, තමන් පමණක් සිටීමෙන් ප්‍රමාණවත් නොවන බවත්, ඔවුන්ද සිටිය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Tags