සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පරාටේ නීතිය අද සිට නැවත සක්‍රීය වෙයි

පරාටේ නීතිය නැවත බලාත්මක කිරීමේදී පවතින ගැටළු සම්බන්ධව අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ සම්බන්ධව ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපොළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට නැවත බලාත්මක කර තිබෙනවා.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුව විසින් මාස 3කට අත්හිටවූ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට පෙර මාස 6ක කාලයට එම නීතිය අත්හිටුවනු ලැබුවා.

කෙසේ වෙතත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ එම නීතිය බලාත්මක කිරීම තුළින් මෙරට කර්මාන්ත කඩා වැටෙන බවයි.

Tags