සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා.

ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහ කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා.

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනවා ද නැතිනම් විවෘත ඡන්දයක් පවත්වනවා ද යන්න තීරණය කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී 19 දෙනෙක් රහස් ඡන්දයට පක්ෂවත් 17 දෙනෙක් විවෘත ඡන්දයට පක්ෂවත් ඡන්දය ප්‍රකාශ කාර තිබෙනවා.

ඒ අනුව බහුතර කැමැත්ත මත රහස් ඡන්දයෙන් ඡන්ද විමසුම සිදු කිරීමට තීරණය කිරීම සමඟ සභාවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා.

පසුව සමඟි ජන බලවේගයේ සභිකයින් කිහිපදෙනෙක් සභාවෙන් පිටතට ගොස් වර්ජනය කිරීම සමඟ තත්ත්වය පාලනය කිරීමට පොලීසිය ද කැඳවීමට සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් සභාව විනාඩි 30ක කාලයට කල් තැබුණා.

ඝන පුර්ණය සහිතව පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 19ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ හල්මිටිගලඉහළ ගමගේ සුනිල් මහතා ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ලෙස තේරී පත්වුණා.

නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ප්‍රියන්ත සහබන්ධු මහතායි.

Tags