සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාග ගැන අග්‍රාමාත්‍යවරිය ගත් තීන්දුව

රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තරඟ විභාගය පවතින තත්ත්වය තුළ හැකි ඉක්මණින් පවත්වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ සංගමයේ නියෝජිතයන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මේ බව කියා සිටියා.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ මෙම බඳවා ගැනීම් පමා වීමට හේතුවක් වුයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවැති නඩු 4ක් සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය බවත් දැනට අවසන් අදියරේ පවතින එම අධිකරණ කටයුතු අවසන් වූ වහාම ගැසට් නිකුත් කර උපාධිධාරීන්ට ගුරු විභාගයට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවත්ය.

තවද අවශ්‍ය කරන අනෙක් උපාධිධාරී බඳවා ගැනීම් මේ වන විට කැබිනට් අනුමැතිය ලැබී ඇති පරිදිම සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඇය පවසනවා.

ගුරු විභාගයට ඉල්ලුම් කිරීමේ වයස් සීමා සංශෝධනයට ලක් කරමින් එම වයස් සිමාව දීර්ඝ කිරීමට සහ දැනට පවතින සියලු ගුරු පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදු කිරීමට මෙහිදී එකඟත්වය පළකර තිබෙනවා.

Tags