දේශීය පුවත්
දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව ජනාධිපති අතට
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ යෝජනා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේ දී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමි වූ අතර යෝජනාවට විරුද්ධව කිසිඳු ඡන්දයක් හිමි නොවීය.
මෙහිදී එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.
මේ අනුව කථානායකවරයා සභාවට දැනුම් දීමෙන් සඳහන් කළේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනා සම්මතය වැඩි ඡන්ද 177කින් එනම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත වූ බවයි.
