දේශීය පුවත්
හිටපු ජනපති රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍යවරුන් ලබාදුන් නිර්දේශය
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දින දෙකක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (27) උදෑසන මාධ්‍ය හමුවකට එක්වෙමින්.
හිටපු ජනාධිපතිවරයා තවදුරටත් රැඳවියෙකු නොවන බැවින් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වුවද යොමු විය හැකි බවද ඔහු මෙහිදී කියා සිටියා.
නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙහිදී පෙන්වා දුන්නේ ඔහුට බරපතළ ලෙස තිබූ විජලනය තත්ත්වය මේ වන විට ලබාදෙන ප්‍රතිකාර සමඟ පහව යමින් තිබෙන බවයි.
මේ අතර ජාතික රෝහලෙන් ඕනෑම රෝගියෙකුට එකම අයුරකින් සේවය සපනය බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ සේවය ලබා ගැනීමට රෝහලට පැමිණෙන ඕනෑම අයෙකුට එක හා සමනාව සලකන බවයි.
“ඔහුගේ හෘද වස්තුවේ කිරීටක ධමනියේ හතරෙන් තුනක් අවහිරයි කියලා ඊයේ වාර්තාවෙන් ප්‍රසිද්ධ වුණා. මම කිව්වේ ඔහුට වැඩිදුර ප්‍රතිකාර ගන්න වෙයි. ඉක්මනින් කරගන්න එක ඔහුට හොඳයි. දැන් ඇප ලැබිලා නිසා ඔහුට සම්පූර්ණ නිදහස තියෙනවා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්න. විශේෂඥ වෛද්‍යවරුන් පවසන ආකාරයට ඔහුට තව දිනයක් දෙකක් ඉන්න වෙනවා. නමුත් ඔහුට තිබුණ උග්‍ර ප්‍රශ්නය වන විජලනය හා සම්බන්ධ තත්ත්වය දැන් ක්‍රමක් ක්‍රමයෙන් පහව යනවා. නමුත් හඳුනාගත් වෙනත් රෝගවලට ඉක්මනින් ප්‍රතිකාර ගන්න වෙයි. සුව අතට හැරෙන්නේ කොහොමද මෙච්චර බරපතළ තත්ත්වය ඉන්නකොට. ඉක්මනින් ප්‍රතිකාර කරේ නැත්නම් රිස්ක් එකක් තියෙනවා.”
