සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන කථානායක තීන්දුවක් ගනී

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති බව විශ්වාසභංග යෝජනාව පිළිබඳව සිය තීරණය අද (10) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙහිදී කථානායකවරයා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභංග යෝජනාව නොගැලපෙන බැවින් සහ එය නිසි පිළිවෙලකට නොමැති වීම හේතුවෙන් තමාට එය පිළිගත නොහැකි බවයි.

කථානායකවරයාගේ මෙම ප්‍රකාශය සමඟ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ස්ථාවර නියෝග යටතේ කියා සිටියේ අදාළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ තීරණය ඉදිරිපත් කිරීමට කථානායකවරයා වෙත ලබාදී ඇති නීතිපතිවරයා සහ ලේකම් මණ්ඩලයේ වාර්තාව සභාගත කරන ලෙසයි.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කථානායකවරයාගේ තීරණයට අදාළව අදහසක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ඉල්ලා සිටි නමුත් එම අවස්ථාවේ දී කථානායකවරයා පැවසුවේ මෙය විවාදයක් නොවන බවත් ඒ සඳහා අවස්ථාව නොමැති බවත්ය.

මෙහිදී පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එහිදී කථානායකවරයා විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේ එම දැනුම් දීම හොඳින් කියවා බලන ලෙසයි.

ආරක්ෂා නියෝජ්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට පසුගිය අගෝස්තු මස 12 වනදා භාරදී තිබුණා.

මේ අනුව අදාළ විශ්වාසභංග යෝජනාව පිළිබඳව තමන්ගේ තීරණය ඉදිරියේ දී දැනුම් දෙන බව කථානායකවරයා අගෝස්තු 19 වන දින පර්ලිමෙන්ත්වේ දී පැවසුවා.

Tags