සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ප්‍රශ්නගත එන්නත් තුළ මිනිස් සිරුරට අහිතකර බරපතළ ගණයේ බැක්ටිරියා සහ ලුණු – ජර්මනියේදී අනාවරණය වෙයි

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගණුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇතුළු සැකකරුවන් 11 දෙනාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව ඊයේ (19) පස්වරුවේ නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඊට අදාළ නඩුව ඊයේ (19) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු ලැබුවා.

මෙහිදී ප්‍රශ්න ගත හියුමන් ඉමියුනොග්ලෝබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර විෂ සහිත වූ බැක්ටීරියා වතුර අන්තර්ගතව තිබූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිකරණ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකින් වාර්තා කර ඇති බව නීතිපති අධිකරණයේ දී දැනුම් දුන්නා.

තවද පිළිකා නාශක ඖෂධයක් පළවන සැකකරු විසින් ලබාදුන් රිටොක්සිමැප් ද්‍රාවණය පරීක්ෂා කිරීමේදී පිළිකාවකට සටන් කළ හැකි කිසිඳු ප්‍රෝටීනයක් එහි අන්තර්ගත නොමැති බවත් ලුණු පමණක් එහි අන්තර්ගත වන බවත් පරීක්ෂණ වාර්තාවලින් හෙළිව තිබෙනවා.

පරික්ෂා කිරීමට ලබාදුන් ද්‍රාවණවල අන්තර්ගත පිළිබඳව වූ විශ්ලේෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ ලුණු වතුර සහ බැක්ටීරියාවන්ගෙන් විෂ වුණ ද්‍රාවණයක් සැපයීමට ජන රජය විසින් ලක්ෂ 1444ක් වැය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි.

නඩුව නැවත ජුලි 16 වනදා කැඳවන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය පළවන සැකකරු එම දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

Tags