සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

විපක්ෂයේ අය එකතු වෙන විශේෂ සාකච්ඡාවක් හෙට

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (14) දින පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවද විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් පවසනවා.

පසුගිය සතියේ දී හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ නිවසේ දී මීට අදාළ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි දිගුවක් ලෙස මෙම සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් ආණ්ඩුවට සෘජුව අභියෝග කිරීමේ අරමුණින් සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව උපයෝගී කර නොගන්නා අතර විපක්ෂයේ එකමුතුවක් සකස් කිරීම පමණක් මෙහි අරමුණු බව විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් සඳහන් කළා.

Tags