දේශීය පුවත්
මේ මස දින 10 තුළදී සංචාරක පැමිණීම තවත් ඉහළට
2025 ජුනි මස පළමු දින 10 තුළදී 43962ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඔවුන්ගේ නවතම වාර්තාවක පෙන්වා දෙන්නේ මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,073,765 බවයි.
මේ මස පළමු දින 10 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ජුනි 5 වනදායි.
එම තොරතුරුවලට අනුව 5421ක සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බව සඳහන්.
මෙම කාල සීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස ඉන්දියාව වාර්තාවන අතර එම ගණන දැක්වනුයේ 12362ක් ලෙසයි.
ඊට අමතරව එංගලන්තයෙන් සංචාරකයින් 3740ක්, බංගලාදේශයෙන් සංචාරකයින් 2,717ක්, ජර්මනියෙන් 2,439ක් සහ චීනයෙන් සංචාරකයින් 2,403ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බවද එම වාර්තාවල සඳහන්.
