සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

සත්ව සංගණනයේ වාර්තාව ප්‍රසිද්ධ වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මාර්තු 15 වනදා ක්‍රියාත්මක කළ ජාතික සත්ව සංගණනයේ වාර්තාව අද (12) උදෑසන ඉදිරිපත් කරනු ලැබුවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (12) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළා.

අදාළ වාර්තාවට අනුව,

රිලවු – මිලියන 5.17
වඳුරෝ – මිලියන 1.74
මොණරු – මිලියන 4.24
දඬුලේන්නු – මිලියන 2.26

මේ අතර සත්ව සංගණනය සඳහා මිලියන 2.7ක මුදලක් වැය වී ඇති බව කෘෂි අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ මහතා පවසනවා.

අධ්‍යක්ෂකවරයා කියා සිටියේ විස්තර පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා විසිහතර ලක්ෂ හැත්ත අටදාහක් වැය වී ඇති බවයි.

Tags