සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පද්මේ ඇතුළු පිරිස අල්ලා ගත් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා පොලීසියේ උපහාර

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කරමින් තිළිණ ප්‍රදානයක් සිදුකර තිබෙනවා.

තවද මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් හා මෙරට පොලිස් නිලධාරීන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් වුණා.

පසුගිය 27 වනදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගන්නා ලද මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙකු ඊයේ (30) වන දින රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට රැගෙන එනු ලැබුවා.

එහිදී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ දිවයිනට රැගෙන ඒමට මුලිකත්වය ගත් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ මෙම මෙහෙයුමට සම්බන්ධ වූ නිලධාරීන් ද කටුනායක ගුවන්තොටුපොළේ දී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පිළිගෙන තිබෙනවා.