දේශීය පුවත්
දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා
රඹුක්කන දුම්රිය ස්ථානයේ දී දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය කටයුතු සඳහා බාධා එල්ලවී තිබෙනවා.
කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වූ බලවේග කට්ටල දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බව වාර්තා වනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙක් පැවසුවේ මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට සම්පුර්ණයෙන්ම බාධා එල්ල වී ඇති බවයි.
මේ සමඟ බස් රථ යොදවා මඟීන් ප්රවාහනය කිරීමේ කටයුතු සිදුකරන බවද එම ප්රකාශකයා සඳහන් කළා.
මේ වනවිට පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණ ද ඒ සඳහා තවත් වේලාවක් ගතවෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
