සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මහනුවර නගරයට VR තාක්ෂණය

අතත්‍ය නගර නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ (Virtual City Creation Project) නියමු ව්‍යාපෘතියක් ලෙස යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව ඇතුළත් මහනුවර නගරය, Virtual City in Kandy නමින් නිර්මාණය කිරීම සඳහා රජය විසින් හඳුනාගෙන තිබෙනවා.

එම නියමු ව්‍යාපෘතියේ පළමු කොටස ලෙස මහනුවර නගරය කේන්ද්‍ර කරගත් සංචාරක ආකර්ෂණයන් හා සංචාරක විභවයන් සහිත ස්ථානයක් ලෙස ප්‍රමුඛතාව මත හඳුනාගත් ස්ථාන 58ක් තාක්ෂණික නිර්මාණය කිරීමටයි සැලසුම් කර ඇති බව සඳහන්.

තවද එම ව්‍යාපෘතියෙහි දෙවන කොටස ලෙස ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය හා ඒ ආශ්‍රිතව පවතින ඵෙතිහාසිකමය හා සංචාරකමය වැදගත්කමකින් යුක්ත වූ ස්ථාන 20ක් ද ඊට ඇතුළත් වනවා.

නිෂ්පාදන ආයතන සතු ශක්‍යතාව හා තාක්ෂණික හැකියාව පිළිබඳවත්, එම ආයතනය මඟින් සිදුකර ඇති පුර්ව නිෂ්පාදන කටයුතු සම්බන්ධව ඇගයීමක් සිදු කර ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් එම කාර්යය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සුදුසු බව නිර්දේශනය කර තිබෙනවා.

මේ අනුව, Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ වෙන් කර දී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් Virtual City in Kandy ව්‍යාපෘතියෙහි නිෂ්පාදන කටයුතු සිදු කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන්.

Tags