දේශීය පුවත්
හිටපු ජනපති රනිල්ට අද වෙන දේ
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කිරීමට නියමිතව තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවයි.
මේ අතර ඔහු රෝහලෙන් තවදුරටත් ප්‍රතිකාර ලබා ගන්නේ ද නැද්ද යන්න පිළිබඳව වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ පවුලේ ඥාතීන් තීරණය කළ යුතු බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.
රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට පසුගිය 23 වැනිදා මාරු කරනු ලැබුවා.
